ඔබෙන් විදින ලෝකය මගෙ කරගන්න
ඉන්නේ නොඉවසිල්ලෙන් එය දැක ගන්න
නටන මගේ පය වැදුනම කුස කොනක
පිරිමැද හඩන්නේ අම්මේ රිදුනාද
උරුමෙ දෙන්න පියෙකුත් තව නැතිලු මට
පාරෙ බැහැල යන්නේ අපි කොහොම හෙට
අනෙක් උනුත් නගනා දොස් ඇසෙයි මට
නුබේ කුසට මම ආවා කල් වැඩිද
නවත්වන්න මගෙ නෙතු ළොව දකින එක
අදින පිබුරු සියල්ල දන්නවා මම
නපුරු අතක් ඇවිදින් මිරිකලා හිස
වැරෙන් අදිනවා විතරයි මට මතක
නිල් පාට සිතුවම
නිදි වරණ යාමයේ
සයන මත උඩුකුරුව
යට ලීය වසාගෙන සිවිලිමක් පැතිර ඇත
ඇගිලි තුඩු වෙහෙසිලා සිත්තරෙක් ඉපදිලා
කර ගනී සිවිලිමම ඌ උගේ කැන්වසය
සිත්තරා ටිකෙන් ටික අදියි නිල් සිතුවමක්
සිවිලිමම වසා ගෙන.......................
නාදුනන සිත්තරා මකයි සලු ටිකෙන් ටික
මගේ වත කිලි පොලයි ඌ අදින ඇදිල්ලට
සිත්තරා නේක විද පාට දෙයි සිතුවමට
ඒ අනුව සිතුවමක් සිතෙයි මට අදින්නට
නොමැතිමුත් පාට මගේ ලග උගේ මෙන්
අදිමි මම මගේ එක පාට නැති පින්සලෙන්
සිවිලිමට පොලව මෙන්
සිත්තරා හා මම සමාතර ගමනක
නාදුනන සිත්තරා මමසේ මට හැගේ
පාට නැති මගේ එක ලගයි දැන් නිම වෙන්න
මට කලින් පටන් ගත් සිත්තරා අතර මග
තවත් නම් අදින්නට නොහැක දැන් මා හට
ධවල පැහැ ගැන්උනා මගේ එක එකට
ඌ අදින සිතුවමෙන් නොමැත ඵල ඉදිරියට
ඇගිලි තුඩු කෙලවරින්
සිත්තරා හති දමා ඇදපු සිතුවම මකා.......
මට නිදි මතයි මම නිදා ගන්නවා........
සයන මත උඩුකුරුව
යට ලීය වසාගෙන සිවිලිමක් පැතිර ඇත
ඇගිලි තුඩු වෙහෙසිලා සිත්තරෙක් ඉපදිලා
කර ගනී සිවිලිමම ඌ උගේ කැන්වසය
සිත්තරා ටිකෙන් ටික අදියි නිල් සිතුවමක්
සිවිලිමම වසා ගෙන.......................
නාදුනන සිත්තරා මකයි සලු ටිකෙන් ටික
මගේ වත කිලි පොලයි ඌ අදින ඇදිල්ලට
සිත්තරා නේක විද පාට දෙයි සිතුවමට
ඒ අනුව සිතුවමක් සිතෙයි මට අදින්නට
නොමැතිමුත් පාට මගේ ලග උගේ මෙන්
අදිමි මම මගේ එක පාට නැති පින්සලෙන්
සිවිලිමට පොලව මෙන්
සිත්තරා හා මම සමාතර ගමනක
නාදුනන සිත්තරා මමසේ මට හැගේ
පාට නැති මගේ එක ලගයි දැන් නිම වෙන්න
මට කලින් පටන් ගත් සිත්තරා අතර මග
තවත් නම් අදින්නට නොහැක දැන් මා හට
ධවල පැහැ ගැන්උනා මගේ එක එකට
ඌ අදින සිතුවමෙන් නොමැත ඵල ඉදිරියට
ඇගිලි තුඩු කෙලවරින්
සිත්තරා හති දමා ඇදපු සිතුවම මකා.......
මට නිදි මතයි මම නිදා ගන්නවා........
උසස් පෙළ
උසස් පෙළට class ගිහින් park ගියේ මං විතරද
ටික්කො cards mark කලත් ඒ කරන්නෙ උන්විතරද
චන්ද්‍රා මිස්ගෙ class එකේ නින්ද ගියේ මට විතරද
උසස් පෙළට science කරල fall උනේ මං විතරද
හැම එකටම class ගියේ
A අකුරුම තුනක් ගන්න
revision වලටත් බැදුනේ
Z අගය උඩට ගන්න.......
උසස් පෙළට...........//......
උසස් පෙළට science ම කරෙ
හොද දොස්තර කෙනෙක් වෙන්න
අන්තිමේදි උරුම උනේ
....................................................?
උසස් පෙළට...........//......
ටික්කො cards mark කලත් ඒ කරන්නෙ උන්විතරද
චන්ද්‍රා මිස්ගෙ class එකේ නින්ද ගියේ මට විතරද
උසස් පෙළට science කරල fall උනේ මං විතරද
හැම එකටම class ගියේ
A අකුරුම තුනක් ගන්න
revision වලටත් බැදුනේ
Z අගය උඩට ගන්න.......
උසස් පෙළට...........//......
උසස් පෙළට science ම කරෙ
හොද දොස්තර කෙනෙක් වෙන්න
අන්තිමේදි උරුම උනේ
....................................................?
උසස් පෙළට...........//......
Nov 7, 2011
විෂම ත්‍රිකෝණය
විවේකී සති අග
"මචං, අද සෙට් වෙමුද..?"
"ගන්න පොඩි ෆන් එකක් ලාවට"
කලා ඇරයුම් ඔබ....
පිළි අරන් ඇරයුම
ගොඩවැදුණ කැදල්ලට
පිළි ගැන්ම උණුසුම්
අමතක නොවන ලෙස.......
දිව පිනන රස මැද
ගැයුනු සත්සර මැද
පහුවෙලා මධුවිතේ කොන
මටත් නොදැනිම මට.......
"මචං, එපා අද එලවන්න.."
"නැවතියං මෙහෙ"
වෙන්වෙලා සයනකුත් මට
නාං එන ඇසිල්ලට.......
නින්දෙ අඩ නින්දෙ
මධු මත හිදෙන යම
දැවටිලා මගේ ගත
රලු වන් නුබේ අත්.............
ජනේලය විනි විදින
මලාණික සද එලිය
පෙන්නුවා මට
ඔබ, නොතනියෙන් බව...........
එ රලු බව මැකී යන
මෘදු ගතේ පහසට
ලංකලේ නුඹයි මම
දකින සිහිනයක් ලෙස..........
රොන් ගත්ත නුඹ
සලබයෙක් ලෙස
පැමිණ සුර අග හනික
අපි තවම අතර මග.........
එ තුන්යම පහන් කල
තුන් පෙම උනත් නිම
ඉඩ ලැබෙන හැම විට
ඒ පහස මගෙම විය.........
හිතට එන හැම විට
යදියි ඒ උණුසුමම
ඔබම විවරණ කරපු පාරට
ඔබම ඇයි අද වෙලා ඉණි වැට.........?
"මචං, අද සෙට් වෙමුද..?"
"ගන්න පොඩි ෆන් එකක් ලාවට"
කලා ඇරයුම් ඔබ....
පිළි අරන් ඇරයුම
ගොඩවැදුණ කැදල්ලට
පිළි ගැන්ම උණුසුම්
අමතක නොවන ලෙස.......
දිව පිනන රස මැද
ගැයුනු සත්සර මැද
පහුවෙලා මධුවිතේ කොන
මටත් නොදැනිම මට.......
"මචං, එපා අද එලවන්න.."
"නැවතියං මෙහෙ"
වෙන්වෙලා සයනකුත් මට
නාං එන ඇසිල්ලට.......
නින්දෙ අඩ නින්දෙ
මධු මත හිදෙන යම
දැවටිලා මගේ ගත
රලු වන් නුබේ අත්.............
ජනේලය විනි විදින
මලාණික සද එලිය
පෙන්නුවා මට
ඔබ, නොතනියෙන් බව...........
එ රලු බව මැකී යන
මෘදු ගතේ පහසට
ලංකලේ නුඹයි මම
දකින සිහිනයක් ලෙස..........
රොන් ගත්ත නුඹ
සලබයෙක් ලෙස
පැමිණ සුර අග හනික
අපි තවම අතර මග.........
එ තුන්යම පහන් කල
තුන් පෙම උනත් නිම
ඉඩ ලැබෙන හැම විට
ඒ පහස මගෙම විය.........
හිතට එන හැම විට
යදියි ඒ උණුසුමම
ඔබම විවරණ කරපු පාරට
ඔබම ඇයි අද වෙලා ඉණි වැට.........?
Oct 17, 2011
ආදරය මෙයනම්......
එක පංතියෙ සිට එකට අකුරු කල
ඔබ දෙදෙනා අතුරින්......
ඔබේ මිතුරියට මගෙ සිත බැදුනා
මටත් හොරා රහසින්....
ඇයගේ රුව ගුණ වැඩි කර කිව් නුඹ
ආලෙ වඩන අටියෙන්...
ඇගේ නුගුණ ඔබ ඇයි පැවසූවේ
කිමද කියා නොදනිම්......
මා දුන් ලියමන් ඇය වෙත දුන්නේ
මිතුරු දමේ මහිමෙන්.....
හොදම හසුන් ටික ඇයට නුදුන්නේ
ඇයිද කියා නොදනිම්.....
මගේ සිහින තුල දැන් ඇය නැති බැව්
දන්න නුඹත් නිසැකින්.....
ලොවට හොරා මට නුබෙ හද පිදුවත්
බාර ගනිමි කෙලෙසින්......
ඔබ දෙදෙනා අතුරින්......
ඔබේ මිතුරියට මගෙ සිත බැදුනා
මටත් හොරා රහසින්....
ඇයගේ රුව ගුණ වැඩි කර කිව් නුඹ
ආලෙ වඩන අටියෙන්...
ඇගේ නුගුණ ඔබ ඇයි පැවසූවේ
කිමද කියා නොදනිම්......
මා දුන් ලියමන් ඇය වෙත දුන්නේ
මිතුරු දමේ මහිමෙන්.....
හොදම හසුන් ටික ඇයට නුදුන්නේ
ඇයිද කියා නොදනිම්.....
මගේ සිහින තුල දැන් ඇය නැති බැව්
දන්න නුඹත් නිසැකින්.....
ලොවට හොරා මට නුබෙ හද පිදුවත්
බාර ගනිමි කෙලෙසින්......
Subscribe to:
Posts (Atom)