Nov 23, 2011

මූසලී

මුලු ලොවක් පීරලා
සොයාගත් මනමාලයා
එක්ක එක්වී ඉගිලිලා
ගියේ මවු පියො හඩවලා
කාලය පියඹලා
ඇය මවක් නූදා
රවයි මුලු ලෝකයා
වරදකරුවෙක් කියා
හන්කාර සැමියා
බිරිද පෙරටුවෙ තියා
ගියේ වෙදැදුරු සොයා
මගේ වරදක් නෑ කියා
තීන්දුව පිට වෙලා
වරදකරු අහු උනා
දෑස කදුලින් තෙමා
ඇය සිටී නිහඩව බලා
තියෙන ආලය නිසා
වරදකරු සගවලා
විදියි නව නින්දා
හිත ගලක් කරලා
ලොවක නින්දා උහුලනා
ගල් හිතත් උනුවෙනා
බනියි නැන්දම්මා
මූසලී පලයන් කියා.....

මගේ කතාව

සුද්දගෙ බස ඉගෙන ගන්න ගියේ නුවරට
මුණගැහුනේ එහිදියි ඔබ පළවෙනි වරට
සිතුවත් මා ලබාගන්න ඔයා සදහට
පිදුවේ ඔබේ හද මට නොව මගේ මිතුරට

ඔහුගෙ චපල බව කිව්වේත් නුඹයි මා හට
ඔබට කදුල දුන් එය මට ගෙනාවෙ සතුට
මගෙ අදහස කියන්න බෑ පෑරුණ හිතට
කරනෙමි ඒ යෝජනාව මතු යම් දිනෙක

සුද්දගෙ බස ඉගෙන ගන්න........................//.....

ඉඩක් දෙන්න මගෙ හද තුල කෑරෙන පෙමට
ඇමතුවෙ මා ඉල්ලන්නයි ඔබේ හදවත
පමාවෙ දුක උරුම කරල සදා මාහට
ඇයි පිදුවේ ඔබෙ හදවත අවිගත් අතට

සුද්දගෙ බස ඉගෙන ගන්න........................//.....

නිල් පාට සිතුවම

නිදි වරණ යාමයේ
සයන මත උඩුකුරුව
යට ලීය වසාගෙන සිවිලිමක් පැතිර ඇත
ඇගිලි තුඩු වෙහෙසිලා සිත්තරෙක් ඉපදිලා
කර ගනී සිවිලිමම ඌ උගේ කැන්වසය
සිත්තරා ටිකෙන් ටික අදියි නිල් සිතුවමක්
සිවිලිමම වසා ගෙන.......................

නාදුනන සිත්තරා මකයි සලු ටිකෙන් ටික
මගේ වත කිලි පොලයි ඌ අදින ඇදිල්ලට
සිත්තරා නේක විද පාට දෙයි සිතුවමට
ඒ අනුව සිතුවමක් සිතෙයි මට අදින්නට
නොමැතිමුත් පාට මගේ ලග උගේ මෙන්
අදිමි මම මගේ එක පාට නැති පින්සලෙන්

සිවිලිමට පොලව මෙන්
සිත්තරා හා මම සමාතර ගමනක
නාදුනන සිත්තරා මමසේ මට හැගේ
පාට නැති මගේ එක ලගයි දැන් නිම වෙන්න
මට කලින් පටන් ගත් සිත්තරා අතර මග
තවත් නම් අදින්නට නොහැක දැන් මා හට
ධවල පැහැ ගැන්උනා මගේ එක එකට
ඌ අදින සිතුවමෙන් නොමැත ඵල ඉදිරියට

ඇගිලි තුඩු කෙලවරින්
සිත්තරා හති දමා ඇදපු සිතුවම මකා.......

මට නිදි මතයි මම නිදා ගන්නවා........

උසස් පෙළ

උසස් පෙළට class ගිහින් park ගියේ මං විතරද
ටික්කො cards mark කලත් ඒ කරන්නෙ උන්විතරද
චන්ද්‍රා මිස්ගෙ class එකේ නින්ද ගියේ මට විතරද
උසස් පෙළට science කරල fall උනේ මං විතරද

හැම එකටම class ගියේ
A අකුරුම තුනක් ගන්න
revision වලටත් බැදුනේ
Z අගය උඩට ගන්න.......

උසස් පෙළට...........//......

උසස් පෙළට science ම කරෙ
හොද දොස්තර කෙනෙක් වෙන්න
අන්තිමේදි උරුම උනේ
....................................................?

උසස් පෙළට...........//......

Nov 7, 2011

විෂම ත්‍රිකෝණය

විවේකී සති අග
"මචං, අද සෙට් වෙමුද..?"
"ගන්න පොඩි ෆන් එකක් ලාවට"
කලා ඇරයුම් ඔබ....

පිළි අරන් ඇරයුම
ගොඩවැදුණ  කැදල්ලට
පිළි ගැන්ම උණුසුම්
අමතක නොවන ලෙස.......

දිව පිනන රස මැද
ගැයුනු සත්සර මැද
පහුවෙලා මධුවිතේ කොන
මටත් නොදැනිම මට.......

"මචං, එපා අද එලවන්න.."
"නැවතියං මෙහෙ"
වෙන්වෙලා සයනකුත් මට
නාං එන ඇසිල්ලට.......

නින්දෙ අඩ නින්දෙ
මධු මත හිදෙන යම
දැවටිලා මගේ ගත
රලු වන් නුබේ අත්.............

ජනේලය විනි විදින
මලාණික සද එලිය
පෙන්නුවා මට
ඔබ, නොතනියෙන් බව...........

එ රලු බව මැකී යන
මෘදු ගතේ පහසට
ලංකලේ නුඹයි මම
දකින සිහිනයක් ලෙස..........

රොන් ගත්ත නුඹ
සලබයෙක් ලෙස
පැමිණ සුර අග හනික
අපි තවම අත‍ර මග.........

එ තුන්යම පහන් කල
තුන් පෙම උනත් නිම
ඉඩ ලැබෙන හැම විට
ඒ පහස මගෙම විය.........

හිතට එන හැම විට
යදියි ඒ උණුසුමම
ඔබම විවරණ කරපු පාරට
ඔබම ඇයි අද වෙලා ඉණි වැට.........?