Dec 10, 2011

(ඇ)Bortion

ඔබෙන් විදින ලෝකය මගෙ කරගන්න
ඉන්නේ නොඉවසිල්ලෙන් එය දැක ගන්න
නටන මගේ පය වැදුනම කුස කොනක
පිරිමැද හඩන්නේ අම්මේ රිදුනාද

උරුමෙ දෙන්න පියෙකුත් තව නැතිලු මට
පාරෙ බැහැල යන්නේ අපි කොහොම හෙට
අනෙක් උනුත් නගනා දොස් ඇසෙයි මට
නුබේ කුසට මම ආවා කල් වැඩිද

නවත්වන්න මගෙ නෙතු ළොව දකින එක
අදින පිබුරු සියල්ල දන්නවා මම
නපුරු අතක් ඇවිදින් මිරිකලා හිස
වැරෙන් අදිනවා විතරයි මට මතක

Dec 5, 2011

තාත්තා

වැහි පිට වැහි වැටී ගිංගග උතුරන්නේ
ඇදිවත තබා අන් සේරම පාවෙන්නේ
ඉසුරින් පිරුන අපෙ ජීවිත යටවෙන්නේ
කොහොමද තාත්තේ අපි යලි නැගිටින්නේ

පෙගුනු සහල් නැත කවුරුත් අරගන්නේ
යටවී මැරුණ තේ ගහ නැහැ දලුලන්නේ
දහසක් ගැටලු නුබ හිස මත පැටවෙන්නේ
අපි වෙනුවෙන්ම අවධානම තෝරන්නේ

වැහි පිට වැහි.......

දිය යට රැදුන වියලුණු පොල් ලෙල්ල වගේ
යට උන ඉසුර නැවතත් උඩ මතු වෙන්නේ
පයින් අදින උන් නැහැ තව හති වැටුනේ
ඔබ වන් පියෙක් ලැබීම අපෙ අභිමානේ

වැහි පිට වැහි.......

Dec 1, 2011

පැණි හද

කුඩා කල සිට බැදන් අත්වැල් යොවුන්විය තෙක් පැමිණිලා
ආදරය නම් මිහිරි හැගුමක් අපේ හද තුල ඇති උනා
පාලු නිසසල නේක තැන්වල තනි උනත් අපමණ වෙලා
වින්දෙ පෙම්සුව ඒ හෑම විට මායිමේ අපි නැවතිලා

සසරෙ පැතු ලෙස අපේ ආලය විවාහය තෙක් දුර ගෙවා
සොදුරු දවසක අසිරි මල් මැද අපේ අතැගිලි එක් උනා
නොඉවසිල්ලෙන් හද ගැහෙන ඒ විරල රැයටත් ලංවෙලා
නුහුරු රසයක මිහිරි කෙලවර දා බිදෙන් තෙත්වී ගියා

කුඩා කල සිට.......//..

සයන සැරසූ ශ්වේත සේලයෙ කිසිදු වෙනසක් නැති නිසා
දිවුර දිවුරා උනන කදුලැලි මගේ ළය රෑරා ගියා
කල්පනා ලොව කදුලු ගගුලේ පිහිනලා මා රෑ පුරා
වේදනා දෙන ඇගිලි තුඩගින් ඇගේ ඉරණම විසදුවා

කුඩා කල සිට.......//..

ලතැවිල්ල

අතිනත පැටලී....,
සක්මන් කරනා........
තුරුලේ සගවා....,
පෙම් සුව විදිනා.......
සොදුරු සිහින නම් කොපමන තිබුනත්
ම්හිරි මතක මට නෑ............
එවැනි මතක මට නෑ...........

මගේම වයසේ....,
ජීවය විදිනා.........
මිතුරන් එක්වී.....,
දොඩ මලු වෙනදා.........
සොදුරු මතක කියලා හිනැහෙන උන්
මගේ කදුල දන්නෑ..........
මගේ තනිය දන්නෑ..........

අතිනත පැටලී....//..

සමනල වයසේ.....,
ආලය නොලබා........
පෙරහැර ගිය පසු.....,
තනිවී හඩනා........
ලතවෙන සිතකට කසා වතම මිස
අන් සරණක් නම් නෑ........
අන් පිහිටක් නම් නෑ.........

අතිනත පැටලී....,
සක්මන් කරනා........
තුරුලේ සගවා....,
පෙම් සුව විදිනා.......
සොදුරු සිහින නම් කොපමන තිබුනත්
ම්හිරි මතක මට නෑ............
එවැනි මතක මට නෑ...........
මගේ කදුල දන්නෑ..........
මගේ තනිය දන්නෑ..........