Jan 3, 2012

අම්මා...

ගැටවර වියම කෙළිලොල් ලෙස දිවි ගෙවලා
හිතුවා නැගිටින්න මගෙ පය බිම තියලා
ජීවත්වීම කොපමණ වෙහෙසද දැනිලා
දුන් සැප මතක් වෙනවා නුඹ දුක් විදලා

දහසක් වැඩ අතර හොද්දේ ලුණු වැඩිවී
නොකා පෑරු සිත කිසිවිට හැදින් නැතී
රස දිව නොදත් දෙයකින් අද කුස පිරවී
පෑරුව සිත මතක්වී අපමණ තැවෙන්නෙමී

අව් වැසි නොබල අද කල දේ අද කෙරුවේ
හෙට නම් දිනක් නැති බැව්මයි මුව රැදුනේ
කන්දක් උසට වැඩ ඉදිරියෙ හිත වැටුනේ
නුබේ හයිය ඇවිදින් යලි නැගිටන්නේ.......

8 comments:

වින්චැට්කිරිල්ලි. said...

හරිම ලස්සනයි කවි ටික...මටත් කවි ලියන්න හිතෙනව..ඒත් මම දන්නෙ නැහැනෙ අප්පා.....

Shaggy said...

මම දන්නෙත් නැහැ, මට මේ හැකියාව කොහොම ආවද කියලා. ගෙදරින් ඈත් උනාම දැනුන පාලුවත් තනිකමත් එක්ක මතු උනු හැකියාවක්. උත්සහ කරල බලන්න බැරි වෙන එකක් නැහැ...

අසරණයා said...

අම්මව රවටපුව සර කරපුවා හැම දෙයක්ම තේරෙනකොට පරක්කු වැඩි .හැම අම්ම කෙනෙක්ම එහෙමයි..

sAm sRi said...

සිරා කවිය බොල...

අසරණයාගේ පෝස්ටුවක උබේ ගැන තිබ්බ බොල ඒකයි බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ජය...

ගැමියාගේ පත් ඉරුව said...

අම්මා එපා කී දේ මම කරපු හැටි
ඔබෙ ඔවදන් නෑසු කනින් සිටිය හැටි
තිබුනේ පුරවලා ඔළුවේ හූඹස් මැටි
දැනුනේ අදයි මා මව් දුක් විදපු හැටි

ඔයාගේ කවි පෙළ ශක්තිමත් වෙන්න මගෙන් චූටි කවියක් අසරණයා අයියාගේ පෝස්ට් එකකින් ඔයාගේ පිටුවට ආවේ ලස්සන කවි පිරිලා.මම කවි වලට ගොඩාක් ආසා කෙනෙක් දිගටම ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා

Shaggy said...

@ අසරණයා ඒක නම් සම්පූර්ණ ඇත්ත. මේ ගානින් හරි මට ඒක පසක් උන එකට මට සතුටුයි.

@ sAm sRi බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.

@ ගැමියාගේ පත් ඉරුව ෂා අගේ ඇති කවිය, මං හිතන්නේ මේක කොල්ලො අපි හුගකට පොදු අත්දැකීමක් වගේ. ගොඩාක් ස්තූතියි මේ පැත්තට ආවට. අසරණය නිසා ආව නිසා අසරණයටත් ඔන්න ස්තූතියි, හැමෝටම ජයෙන් ජයම වෙන්න ඔන...

෴සොඳුරු සිත෴ said...

කවි සින්දු ඔක්කම කියෙව්වා..මාළුන්ට කෑමත් දැම්මා.... ආයෙත් එන්න හිතාන .කමෙන්ටුවක් දලාම බ්ලොගයෙන් පිට උනා.

Shaggy said...

අනේ බොහොම පිං, මොකකටවත් නෙමේ මාලුන්ට කන්න දීපු එකට. මම උන් ගෙනල්ල දැම්ම මිසක් අද වෙනකම් බත් ඇටයක් දීලා නෑ....