Jan 22, 2012

මගේ මනමාලි......

සද එලිය සෙවනේ තරු කියූ පාරින්
හැරලන්න ලෝකයට මිතුරේ නුබේ
ගෙන ආපු නුබගේ මනමාලියයි
ඈ නුබගෙ මනමාලියයි.......

පෙර දිනක නුබ හදපු සැලසුම නිසා
බයේ හද ගැහෙන ඈ යතුරු පැදියේ තබා
බබරු මල් තලන කුටියට එදා
ගෙන ආව නුබගේ මනමාලියයි
ඈ නුබගෙ මනමලියයි....

ලියුම් කඩදහිය ලියලා තියා
පැන ආපු ඇය ලොවට වරදක් කලා
ඉකි බිදින හද ඇයගෙ බිදලා දමා
පිළිගන්න නුබ නොමැත හිටියේ එදා

නුබ හින්ද ගා ගනිපු සායම් නිසා
ආයෙ නම් යන්න බෑ කිව්ව මනමාලියයි
ඇය මාගෙ මනමාලියයි
ඇය මාගෙ මනමාලියයි..........

17 comments:

වින්චැට් කිරිල්ලි. said...

ශෑක්....බයික් එකක ඔය වගේ තැනක ඉන්නකොට හෙල්මට් දාගෙන ඉන්නවද? නෑ නෑ...කවියට නොගැලපෙන බයික් පින්තූරෙ....:):):):):p

අසරණයා said...

මොකද බං උනේ.පින්තුරේ ගැලපෙන්නේ නැහැ වගේ තමා.

Shaggy said...

@ වින්චැට් කිරිල්ලී
හරි හරි ඉන්නකෝ මම වෙන එකක් හොයලා දාන්න. ම්... කස්ටිය අදුන ගනීවි කියන බයටද දන්නෙ නෑ හෙල්මට් දාගෙන ඉන්නෙ...

Shaggy said...

@ අසරණයා
මේක මගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ එකක් නොවේ. එහෙම උනා නම් අයියා දන්නවනේ. මේක මගේ යාලුවෙකුගෙ යාලුවෙකුට වෙච්ච දෙයක්, හබරණ පැත්තෙ. දැන් උන්ද දෙදරු පියෙක්ලු...

sAm (සෑම්) said...

අප්පද බොල මාර සීන් එකක් !

සිත්රූ සිහින said...

ලස්සනයි..අනේ මන්දා shaag හැමදාම කවි ලියන්නෙ යාලුවො ගැන හිතලලු..

හෙල්මට් එක දාගෙන ඉන්නෙ අඳුරගන්න නිසා වෙන්න පුලුවන්නෙ ඇත්තට..කාටත් හොරෙන් ආපු ගමනක් නෙවැ..

Shaggy said...

@ සෑම්
සිරාම සීන් එකක්, අපිට මෙහෙම චාන්ස් එකක් වත් සෙට් වෙන්නැති එකනෙ කරුමෙ.

Shaggy said...

@ සිත්‍ රෑ සිහින
එකනේ ඔයාට විතරයි ඒක තේරුනේ.... ඔය ඉතින් යාලුවො මට කියන කතා තමා...

වර්ණා said...

ලස්සනයි කවි ටිකයි අරුතයි

Shaggy said...

@ වර්ණා
ගොඩාක් ස්තූතියි, මට ලොකු ගැම්මක් එහෙම කිව්වම.

ගැමියාගේ පත් ඉරුව said...

මට මතක් වුනේ mere brother ki dulhan කියන ෆිල්ම් එක ඒකේ හැටියට නම් පැනලා යන්න තරම් කොන්ද පණක් කොල්ලන්ට නෑ කියලනේ කියන්නේ...මම තේරුම් ගත්ත විදිය හරිද මන්දා හැබැයි පව් වැඩක් වෙලා තියෙන්නේ...

මට නම් පින්තූරේ වරදක් නෑ මොකද මට කවිය තේරුනේ යාළුවට කෙල්ලව පන්නලා ගෙනත් දුන්නාම යාළුවා කෙල්ලව බාර ගත්තේ නැති නිසා කෙල්ලව බැන්ඳා කියලා...එහෙම බැලුවාම මේ වගේ තැනක මේ දෙන්නා හෙල්මට් දාගෙන ඉන්න එක සාධාරණයිනේ.මොකද මෙයාලා ආදරවන්තයෝ නෙමෙයිනේ

Shaggy said...

@ ගැමියාගේ පත් ඉරුව
මම අර හින්දි ෆිල්ම් එක නම් බලල නෑ සහෝ, කොහොම උනත් කතාව නම් ඇත්ත. කොල්ල යාලුවෙකුට කියල තියෙනවා කෙල්ලව ගෙනත් දෙන්න කියලා. ඒකි ලියුමක් එහෙම ලියල තියල ඇවිත්, නමුත් කොල්ල ඇයව බාර ගන්න නාපු නිසා කෙල්ල ආයෙ ගෙදර යන්න බෑ කියල. ඉතින් යාලුව එක්ක ගියා....

Shaggy said...
This comment has been removed by the author.
පුංචි said...

කවිය ලස්සනයි .හෙල්මට් එක නියමයි..හි හි.

Shaggy said...

@පුංචි කුමාරිහාමි ස්තූතියි, ඒක තමයි එක ලස්සනයි

Yasith Gamage said...

කපුවා කපෝති වගේ වැඩක්නෙ වෙලා තියෙන්නේ :)

Anonymous said...

Great