Dec 1, 2011

ලතැවිල්ල

අතිනත පැටලී....,
සක්මන් කරනා........
තුරුලේ සගවා....,
පෙම් සුව විදිනා.......
සොදුරු සිහින නම් කොපමන තිබුනත්
ම්හිරි මතක මට නෑ............
එවැනි මතක මට නෑ...........

මගේම වයසේ....,
ජීවය විදිනා.........
මිතුරන් එක්වී.....,
දොඩ මලු වෙනදා.........
සොදුරු මතක කියලා හිනැහෙන උන්
මගේ කදුල දන්නෑ..........
මගේ තනිය දන්නෑ..........

අතිනත පැටලී....//..

සමනල වයසේ.....,
ආලය නොලබා........
පෙරහැර ගිය පසු.....,
තනිවී හඩනා........
ලතවෙන සිතකට කසා වතම මිස
අන් සරණක් නම් නෑ........
අන් පිහිටක් නම් නෑ.........

අතිනත පැටලී....,
සක්මන් කරනා........
තුරුලේ සගවා....,
පෙම් සුව විදිනා.......
සොදුරු සිහින නම් කොපමන තිබුනත්
ම්හිරි මතක මට නෑ............
එවැනි මතක මට නෑ...........
මගේ කදුල දන්නෑ..........
මගේ තනිය දන්නෑ..........

2 comments:

Anonymous said...

Nice work bro... s.c

Shaggy said...

Thanks so much...