Dec 1, 2011

පැණි හද

කුඩා කල සිට බැදන් අත්වැල් යොවුන්විය තෙක් පැමිණිලා
ආදරය නම් මිහිරි හැගුමක් අපේ හද තුල ඇති උනා
පාලු නිසසල නේක තැන්වල තනි උනත් අපමණ වෙලා
වින්දෙ පෙම්සුව ඒ හෑම විට මායිමේ අපි නැවතිලා

සසරෙ පැතු ලෙස අපේ ආලය විවාහය තෙක් දුර ගෙවා
සොදුරු දවසක අසිරි මල් මැද අපේ අතැගිලි එක් උනා
නොඉවසිල්ලෙන් හද ගැහෙන ඒ විරල රැයටත් ලංවෙලා
නුහුරු රසයක මිහිරි කෙලවර දා බිදෙන් තෙත්වී ගියා

කුඩා කල සිට.......//..

සයන සැරසූ ශ්වේත සේලයෙ කිසිදු වෙනසක් නැති නිසා
දිවුර දිවුරා උනන කදුලැලි මගේ ළය රෑරා ගියා
කල්පනා ලොව කදුලු ගගුලේ පිහිනලා මා රෑ පුරා
වේදනා දෙන ඇගිලි තුඩගින් ඇගේ ඉරණම විසදුවා

කුඩා කල සිට.......//..

10 comments:

Anonymous said...

Ela

Shaggy said...

thank u! eth kawda kiyala danne nene.

sAm (සෑම්) said...

උපරිමයි බොල ඇගිල්ල කපලා දැම්මද ??

සුදු පිරැවටයයි මංගල යහනයි කදුලෙන් තෙමනු එපා
ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා සීන් එකක්ද ?

Shaggy said...

ඔව්, පොඩි කාලෙ ඉදල එකට හැදිල පන වගේ ලව් කරල මේ මගුලක් හින්ද කෙල්ල අතාරින්න බෑනෙ. ඔන්න ඔහේ පොඩ්ඩක් ඌව කරගෙන වැඩේ ගොඩ දැම්මා...

sAm (සෑම්) said...

සිරා කතාව බං..

සයුරි said...

නියමයි....අදයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ..

Shaggy said...

@ සෑම්
බොහොම ස්තූතියි....!!

Shaggy said...

@ සයුරි
ස්තූතියි, මගේ කලාපෙ පැත්තෙ ආවට...

විමුක්ති said...

මායිමේ ඉඳලත් මොකදඋනේ යාළු...

Shaggy said...

ඒක තමයි අවුල, තිබිලම නෑ වගේ...