Dec 5, 2011

තාත්තා

වැහි පිට වැහි වැටී ගිංගග උතුරන්නේ
ඇදිවත තබා අන් සේරම පාවෙන්නේ
ඉසුරින් පිරුන අපෙ ජීවිත යටවෙන්නේ
කොහොමද තාත්තේ අපි යලි නැගිටින්නේ

පෙගුනු සහල් නැත කවුරුත් අරගන්නේ
යටවී මැරුණ තේ ගහ නැහැ දලුලන්නේ
දහසක් ගැටලු නුබ හිස මත පැටවෙන්නේ
අපි වෙනුවෙන්ම අවධානම තෝරන්නේ

වැහි පිට වැහි.......

දිය යට රැදුන වියලුණු පොල් ලෙල්ල වගේ
යට උන ඉසුර නැවතත් උඩ මතු වෙන්නේ
පයින් අදින උන් නැහැ තව හති වැටුනේ
ඔබ වන් පියෙක් ලැබීම අපෙ අභිමානේ

වැහි පිට වැහි.......

6 comments:

අසරණයා said...

සංවේදී යාළුවා ලස්සනට ලියල තියෙනවා ජයවේව !!

Shaggy said...

ගොඩාක් ස්තූතියි අයියා....

අසරණයා said...

සහෝදරයා ඔය ගාල්ල පැත්තේ කෙනෙක් වගේ

Shaggy said...

ඔව් ඔව් ගම ගාල්ලෙ. වෙලාවකට නපුරු උනත් මේ සුන්දර ගිංගග මායිමේ තමයි අපි ජීවත් වෙන්නෙ....

වර්ණා said...

කුසගිනි නිවාලන
උත්තම පුරුෂ
නාමපදය
තාත්තා.

Shaggy said...

@වර්ණා ඒක නම් ඇත්ත. අපිට වඩා ඔයාලා තාත්තට ගොඩාක් සමීප බව මම දන්නවා... මොකද මටත් අක්කියෙක් ඉන්නවා.....