Jan 15, 2012

හිරු සදු..

ආදරේ අපි,
කුලුදුලේ විදි
සොදුරු නැවතුමේ.......
උනා...... වෙන්වෙන්න...........
දවා හදවත,
ගිලිහුනත් අත,
ඉවසන්නෙ මම..........
හෙට ලොවක්... දකින්න.........

සුදෝ සුදු හිම,
විසිර සැම අත,
මවන ලස්සන...........
නෙතු පුරා....දකින්න.............
සීත දුම් සලු,
දැවටෙනා ලග,
ගෙනන සිසිලස.......
ගත පුරා..... විදින්න............

පාලු නුබෙ සිත,
නැගෙන තනිකම,
එපා මගහැර..........
නුහුරු උණුසුම සොයන්න.............
හිරු නොමැති ලොව,
සදේ ලස්සන,
බොදවෙනා බව.......
හිත පුරා.... හිතන්න............

ආදරය කරන, ආදරය ලබන ජීවිතේ සොදුරු වයසෙදි, දහසක් එකක් බලාපොරොත්තු ජය ගන්න තම ආදරණීය පෙම්වතා විදේශගත උනාම ඒ ආදරණීය පෙම්වතියට දැනෙන දේ මෙහෙම ගලපන්න මට හිතුනෙ.........., මගේ ආදරණීය මිතුරිය චන්දිමා උදයංගනී සහ ආදරණීය මිතුරා ළහිරු පියුමාල් වෙනුවෙන්මයි............... හිරු වැනි පෙම්වතුන් ලද සදු වැනි තවත් දහසක් පෙම්වතියන්ට මේ හැහීම පොදු වෙන බවට නම් කිසිම සැකයක් නැහැ....

10 comments:

ගැමියාගේ පත් ඉරුව said...

එහෙම ඉන්න කොයිතරම් අමාරු වෙයිද ඒත් ඒ වේදනාවන් දරා ගන්න ධෛර්යය දෙන්නාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ලස්සනයි කවිපෙල. ඔවැනිම අදහසක් මමත් කාලෙකට කලින් අකුරු කලා

දහසකුත් එකක් දුක දරා
ඔබ හා මා එක් වූ හැටි මට මැවේ
එක සිහිනයක් පතාලා
හැමදා දෙන්නා එක රැය එලි කලේ

සැනෙකින් අප ලොව කැළඹුනේ
සිහිනය වෙනුවෙන් අප නෙතු මානයෙන් දුර වුනේ
සැතපුම් කණු අප වෙන් කලේ
එනමුත් සිහිනෙන් අප තවත් ලංවුනේ

ඔබ මගේ ලග නෑ කෙල්ලේ
ඔබ මගේ ලග නෑ කෙල්ලේ
තාමත් ඔබටමයි ආදරේ
හැමදා ඔබටමයි ආදරේ

ජය වේවා අයියේ

වින්චැට් කිරිල්ලි. said...

හිරු සඳු පවතින තුරු පිවිතුරු හදවත් වෙන් නොවී සැමදා එක්වී රැඳේවා..!!

අසරණයා said...

සෑම දුකක්ම ටික කාලයයි.දෙන්නටම ඉවසීමෙන් ඉන්න කියන්න.ඒ එක්කම දෙන්නට සුභ පතනවා..

වර්ණා said...

වෙනස් නොවෙනවානම් ඕවා ප්‍රශ්න නෙමෙයි සහෝ..

Shaggy said...

@ ගැමියාගේ පත් ඉරුව
ෂා මාරයිනේ, එක්සලන්ට් අපි කවුරු කවුරුත් එක එක වචන දාලා ලස්සනට ගලපන්නේ එකම හැගීමක්.. ඔයාගෙ ලස්සන කවි පෙල කියන්නෙත් ඒකමයි... ස්තූතියි මේ ලස්සන අදහසට..

Shaggy said...

@ වින් චැට් කිරිල්ලී
ඔයාගේ පිවිතුරු ප්‍රාර්ථනාවෙන්ම ඔයාටත් ඒ වගේ පිවිතුරු හදවතක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.......!

Shaggy said...

@ අසරණයා
ගොඩාක් ස්තූතියි අවවාදයට, කරුමෙ කියන්නෙ දැන් කාලය ගෙවෙන්නෙත් හෙමින්ලුනෙ. දවසක් නිකන් වසරක් වගේ(ලු)...

Shaggy said...

@ වර්ණා
ඉර හද තියෙනකම් ඒ ආදරේ නම් වෙනස් වෙන්නෙ නැතෝ....

සිත්රූ සිහින said...

මට මේ පෝස්ට් එක කියවද්දි දැනුනෙ මම ගැනද කියන්නෙ කියල..ඇත්තටම මේ කවිය ඔයා පොදුයි කියපු ගොඩට තමයි මමත් අයිති වෙන්නෙ..ගොඩාක් හිතට දැනුනා..හරිම ලස්ස්නයි..

Shaggy said...

ගොඩාක් ස්තූතියි. ටිකක් දූරස් උනාට ඔයාගෙ ආදර කතාවට ඒකෙන් ගොඩක් ලස්සන එකතුවෙන නිසා පොඩ්ඩක් අවසලා ඉන්න.