ඔබෙන් විදින ලෝකය මගෙ කරගන්න
ඉන්නේ නොඉවසිල්ලෙන් එය දැක ගන්න
නටන මගේ පය වැදුනම කුස කොනක
පිරිමැද හඩන්නේ අම්මේ රිදුනාද
උරුමෙ දෙන්න පියෙකුත් තව නැතිලු මට
පාරෙ බැහැල යන්නේ අපි කොහොම හෙට
අනෙක් උනුත් නගනා දොස් ඇසෙයි මට
නුබේ කුසට මම ආවා කල් වැඩිද
නවත්වන්න මගෙ නෙතු ළොව දකින එක
අදින පිබුරු සියල්ල දන්නවා මම
නපුරු අතක් ඇවිදින් මිරිකලා හිස
වැරෙන් අදිනවා විතරයි මට මතක
13 comments:
මචන් උඹ මාර දේවල් ගැනනේ කවි ලියන්නේ.වෙනද ඒවා වගේම මේකත් ලස්සනයි
ඔව් මම කැමතියි ටිකක් වෙනස් මාතෘකාගැන ලියන්න... බොහොම පින්.....
හරිම ලස්සනයි..
word verification අයින් කරන්නකෝ.
@ වර්ණා. ගොඩක් ස්තූතියි.,මම දැනට දන්නෙ නෑ ඒක අයින් කරන්නෙ කොහොමද කියලා...
Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න
ඔන්න ඒක හැදුවා. ස්තූතියි යාලුවා...
ඔබේ කවි නම් ඉහළයි , හරිම සංවේදීයි , විශේෂයෙන් මේ කවිපෙළ අද දවසේ ප්රශ්නයක් ගැන , මේ විදියට කෙටි උත්තර හොයන අයට පපුවට දැනෙන උත්තරයක් ...
බොහොම ස්තූතියි මහේෂ අයියා. මට ගොඩාක්ම සතුටු අයියගෙ කොමෙන්ට් එකට...
ඇග හිරි වැටුනා බොල.. දිගටම ලියපං...
එකෙන්ම. මට ලොකු හයියක් ඔහොම කියන එක...
අනේ මේකනම් දුක හිතෙනව.ෆොටෝ එක බලන්නත් අමාරුයි...මිනිස්සු එහෙම තමා..
ඒත් ඉතින් අද සමාජයේ වෙන දෙයක්නෙ. ගොඩාක් පිං අපේ පැත්තෙ ආවට...
Post a Comment