Nov 23, 2011

නිල් පාට සිතුවම

නිදි වරණ යාමයේ
සයන මත උඩුකුරුව
යට ලීය වසාගෙන සිවිලිමක් පැතිර ඇත
ඇගිලි තුඩු වෙහෙසිලා සිත්තරෙක් ඉපදිලා
කර ගනී සිවිලිමම ඌ උගේ කැන්වසය
සිත්තරා ටිකෙන් ටික අදියි නිල් සිතුවමක්
සිවිලිමම වසා ගෙන.......................

නාදුනන සිත්තරා මකයි සලු ටිකෙන් ටික
මගේ වත කිලි පොලයි ඌ අදින ඇදිල්ලට
සිත්තරා නේක විද පාට දෙයි සිතුවමට
ඒ අනුව සිතුවමක් සිතෙයි මට අදින්නට
නොමැතිමුත් පාට මගේ ලග උගේ මෙන්
අදිමි මම මගේ එක පාට නැති පින්සලෙන්

සිවිලිමට පොලව මෙන්
සිත්තරා හා මම සමාතර ගමනක
නාදුනන සිත්තරා මමසේ මට හැගේ
පාට නැති මගේ එක ලගයි දැන් නිම වෙන්න
මට කලින් පටන් ගත් සිත්තරා අතර මග
තවත් නම් අදින්නට නොහැක දැන් මා හට
ධවල පැහැ ගැන්උනා මගේ එක එකට
ඌ අදින සිතුවමෙන් නොමැත ඵල ඉදිරියට

ඇගිලි තුඩු කෙලවරින්
සිත්තරා හති දමා ඇදපු සිතුවම මකා.......

මට නිදි මතයි මම නිදා ගන්නවා........

No comments: