Nov 23, 2011

මගේ කතාව

සුද්දගෙ බස ඉගෙන ගන්න ගියේ නුවරට
මුණගැහුනේ එහිදියි ඔබ පළවෙනි වරට
සිතුවත් මා ලබාගන්න ඔයා සදහට
පිදුවේ ඔබේ හද මට නොව මගේ මිතුරට

ඔහුගෙ චපල බව කිව්වේත් නුඹයි මා හට
ඔබට කදුල දුන් එය මට ගෙනාවෙ සතුට
මගෙ අදහස කියන්න බෑ පෑරුණ හිතට
කරනෙමි ඒ යෝජනාව මතු යම් දිනෙක

සුද්දගෙ බස ඉගෙන ගන්න........................//.....

ඉඩක් දෙන්න මගෙ හද තුල කෑරෙන පෙමට
ඇමතුවෙ මා ඉල්ලන්නයි ඔබේ හදවත
පමාවෙ දුක උරුම කරල සදා මාහට
ඇයි පිදුවේ ඔබෙ හදවත අවිගත් අතට

සුද්දගෙ බස ඉගෙන ගන්න........................//.....

No comments: